ඇත්තටම ඔබ අවදියෙන්ද සිටින්නේ? 👁️

අද පෙන්නන්න යන්නේ බයිබලීය කෝණයකින් අපි වැඩිය ගණන් ගන්නේ නැති සිහින පිළිබදව ගැඹුරු විග්‍රහයක් එහෙත් බයිබලයේ රිදී රේඛාවක් වගේ තියෙන දෙයක්.

මුලින්ම බලමු සිහින කියන එකට බයිබලයේ දීලා තියෙන අර්ථකතන ටිකක්,

  1. දෙවියන් වහන්සේගේ පණිවිඩ සංකේතාත්මකව නිරූපණය කරන මාධ්‍යයක්. එක්තරා ආකාරයට මේක දෙවියන් වහන්සේගේ තර්ජන කියලා ජොබ් 33 පරිච්ජේදයේ සදහන් වෙනවා.
  2. සිහින වල සංකේත වලින් අනාගතවාක්‍යය වියුත්පන්න කරන්න පුළුවන් වෙච්ච අවස්ථාත් සදහන් වෙලා තියනවා

වැඩි වශයෙන්ම සිහින වලින් දෙවියන් වහන්සේගේ පණිවිඩ හෝ අනාගතවාක්‍යය පිළිබදව සදහන් වෙච්ච උදාහරණ තියනවා. මේවා ගැන බයිබලයේ තියෙන පිළිවෙලටම තේරුම් ගමු.

< පැරණි ගිවිසුම >

  1. උත්පත්ති

• පරිච්ඡේද 20 : මෙහිදී දෙවියන් වහන්සේ සහ අබිමෙලෙක් රජු අතර සංවාදයක් සිදු වෙනවා සිහිනයකදි. එහිදී රජු කරපු වරදක් දෙවියන් වහන්සේ පෙන්වලා දෙනවා

• පරිච්ඡේද 28 : ජාකොබ් සහ දෙවියන් වහන්සේ අතර සිහින සංවාදයක් සිදු වෙනවා

• පරිච්ඡේද 37 : මේක වැදගත් පරිච්ඡේදයක් මොකද ජෝසප් දකින සිහින දෙකක් ගැන තම සහෝදරයන් ට කියන සිදු වීමක් තමා සදහන් වෙන්නේ. ඒකෙදි යම් ඊර්ෂ්‍යාවක් සහ බයක් ඇති වෙනවා සහෝදරයන්ට

• පරිච්ඡේද 41 : මෙකෙදි හොදට තේරුම් ගන්න පුළුවන් ජෝසප් හට සිහින වල තිබෙන යටි අරුත තේරුම් ගන්න පුළුවන් යම් හැකියාවක් තිබ්බා කියලා. පාරාවෝ රජු විසින් දකින සිහිනයකට අර්ථකථනයක් ලබා දී ආනගතයේ දී සිදු වෙන්න තිබූ ව්‍යසනයකට පෙර සූදානම් වෙන්න පුළුවන් වෙනවා. *වැදගත්ම දේ තමා පාරාවෝ රජු ලැබෙන ව්‍යසනය පිළිබද එකම දත්තය සිහිනයදි දෙයාකාර ලෙසට පිළිබිඹු කරනවා.

  1. 1 රාජාවලිය පරිච්ඡේද 3 : සලමොන් හට දෙවියන් වහන්සේ ව සිහිනියෙන් දර්ශනය වෙනවා. මේකෙදි සලමෝන් ලෞකික සැප සම්පත් නොඉල්ලා දෙවියන්ගෙන් ඥානය ඉල්ලනවා.

  2. ජොබ් පරිච්ඡේද 33 : මේකෙදි තමා සිහින දැකීම සිදුවන්නේ ඇයි යන පිළිතුරට උත්තරයක් ලබා දෙන්නේ. ( දෙවියන් වහන්සේ විසින් මිනිසාට සිහින පෙන්වා පාපෙන් මුදවා ගැනීමට, උඩඟුකම පහ කිරීමට, දෙවියන්ගේ තර්ජන වලින් බිය ගැන්වීමට සිහින පෙන්වති )

  3. ජෙරමියා : මෙහිදී සිහිනවලට අර්ථකථන දී අනාගත වාක්‍ය පවසන්නන් දිවිසිවරුන් ලෙස හඳුන්ව තිබෙනවා. ඊළඟට මුලා කරන වංචනික දිවැසිවරුන් ගැන සඳහන් කරනවා ( දෙවියන් වහන්සේගේ පණිවිඩය ගින්නට සමාන/උපමා කරනවා)

  4. දානියෙල් • පරිච්ඡේද 2 : දානියෙල් හට තිබූ වෙන කෙනෙක් දුටු සිහිනයක් පැවසීම සහ සිහිනියට අර්ථකථනයක් දීම යන හැකියාව ගැන සඳහන් වෙනවා.

• පරිච්ඡේද 4 : සිහිනයකින් දෙවියන් වහන්සේ නේබුකද්නේශර් රජුගේ යටි සිත ගැන වමාරනවා ඒකෙදි දෙවියන් ගැන රජු පැහැදෙනවා

• පරිච්ඡේද 7 : දානියල් විසින් සිහින සටන් කිරීමට පොතක් පවත්වාගෙන ගිය බව පෙන්වේනවා. සිහිනයකදී මෘගයන් සතර දෙනෙකු දැකීම හරිම කුතුහලය දනවන සුළුය.

• පරිච්ඡේද 8 : දානියෙල් හට සිහිනයකදී තම යි සිහිය පවත්වා හෝ සිහිනයේ පාලනය ගැනීමට හැකියාව ක් පැවති තිබෙන බව සදහන් කරනවා.

පැරණි ගිවිසුමේදී ජෝසප් හට සිහින අර්ථකථනය කිරීමත් සහ දානියෙල් හට සිහින අර්ථකථනය කිරීමත් සහ වෙනත් කෙනෙකු දැකපු සිහිනයක් ගැන පැවසීමටත් යන හැකියාවන් පැවති බවට මෙ සියලු කාරණා වලින් ගම්‍ය වෙනවා.

< නව ගිවිසුම >

• ශුද්ධවර මතෙව්

විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ මතෙව් සහ ලූක් යන කතුරෙන් දෙදෙනාම සඳහන් කර තිබෙනවා. එහිදී මගේ පෞද්ගලික මතය ලෙස ලූක් තුමාට සාපේක්ෂව මතෙව් තුමාගේ කරුණුවල වැඩි විශ්වාසයක් තියන්න පුළුවන්.

• පරිච්ඡේද 1 , 2 , 3 : ජෝසප්ට සිහිනයකින් පවසනවා මරියා ශුද්ධාත්ම අනුභාවයෙන් ම ගැබ් ගෙන ඇති බව තවද දෙවියන් වහන්සේ විසින් මිසරයට පලා යන්නට කියාද සිහිනයකින්ම පවසනවා එලෙසම සිහිනයකින්ම ඉශ්‍රායල් දේශයට යාමටද දෙවියන් වහන්සේ අණ කරනවා. ( එක්තරා ආකාරයකට සිතෙනවා මරියතුමීට ගාබ්‍රියෙල් දේවදූතයා මංගලම් කීම සිහිනයකින්ම සිදුවූ බව * වෙන්නට පුළුවනි 🤷🏽 )

සමස්තයක් වශයෙන් මෙලෙස සඳහන් වන බයිබලයේ රිදී රේඛාව ගැන බොහෝ දෙනෙක් තමාගේ සිහිය යොමු කරන්නේ නැත. සමහර විටෙක සිතනවා දස පනතට ද එකතු විය යුතු කරුණක් වන්නේ දකින සිහින පිළිබඳව සටහන් පොතක් පවත්වා ගැනීමය.

ඔබත් අවදියෙන්ද සිටින්නේ දෙවියන්ගේ පණිවිඩය ලෙස සැලකෙන සිහින පිළිබඳව අවධානය / සිහිය යොමු කිරීමට ? එහි ශුද්ධ අරුත වටහා ගැනීමට ? 👁️

✍🏽 - Ishan Oshada -